සංචරණ සීමා ඉවත් වුවත් හෙට සිට මැයි 31 දා තෙක් රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රාත්‍රියේ සංචරණ සීමා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
හෙට සිට හැඳුනුම්පතේ අංක අනුව ගමන් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය.
හෙට සිට මැයි 31 දා තෙක් ආර්ථික කටයුුතු පවත්වාගෙන යා යුතු ආකාරය
එදිනෙදා කර්මාන්ත කරන අයට දෛනික කටයුතු සිදුකළ හැකියි.
එන්නත ලබාගැනීමට යාමේදී හැඳුනුම්පතේ අංක ක්‍රමය ක්‍රියාත්මක නෑ
පොදු ප්‍රවාහන සේවා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රියාත්මකයි
කුලී රථ ක්‍රියාත්මක කළ හැකි අතර රථයක රැගෙන යා හැක්කේ මගීන් දෙන්නයි.
අවම කාර්ය මණ්ඩලයක් සහිතව සේවා පවත්වාගෙන යා හැකියි.
වැඩමුළු,සම්මන්ත්රණ,රාත්‍රී සැණකෙලි, රාත්‍රී සාද, සිනමා ශාලා, මත්පැන් හා මත්ද්‍රව්‍ය සාද පවත්වාගෙන යෑමට අවස්ථාවක් නෑ.
අපනයන හා නිෂ්පාදන කර්මාන්ත ශාලා ජෛව බුබුල යන සංකල්ප යටතේ පවත්වාගෙන යෑ හැකියි.
සුපිරි වෙළඳසැල්, කඩ සාප්පු ඇතුළු දෑ සියයට 25ක ධාරිතාවයකින් පවත්වාගෙන යා හැකියි
වෙළඳපොළ, සතිපොළ සියයට 25ක ධාරිතාවයකින් පවත්වාගෙන යා හැකියි.
දිවා සුරැකුම්, පාසල්, පෙරපාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, තවදුරටත් වසා තැබේ.
මංගල උත්සවය පැවැත්වීමට හැකියාවක් නෑ නමුත් විවාහය ලියාපදිංචි කිරීම 15කගේ සහභාගිත්වයෙන් පැවැත්විය හැකියි.
මධ්‍යසාර අලෙවි සැල් උදෑසන 10 සිට සවස 6 දක්වා විවෘතව තැබනෙවා.
පබ්, කැසිනෝ ශාලා වසා දැමෙයි.
යම් ප්‍රෙද්ශයක් හුදෙකලා කර තිබේ නම් එය තවදුරටත් ක්‍රියාත්මකයි.