අග්නිදිග ආසියාවේ වසංගතය හොඳින්ම පාලනය කළ රටක් ලෙස සැලකුණු වියට්නාමය මේ වනවිට එරට දරුණුතම කොවිඩ්-19 ආසාදන රැල්ලට එරෙහිව සටන් කරන බැවින් හෝ චි මිං නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අගෝස්තු 01දා දක්වා ක්‍රියාත්මක වන බවත්, සෙනසුරාදා සිට හැනෝයි අගනුවර දැඩි සීමා පනවන බවත් දන්වා තිබේ.
හෝ චි මිං නගරය ඉදිරි සති දෙක තුළදී සිය කොරෝනා වෛරස් සීමා දැඩි කරනු ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ජනතාවට නිවාසවලින් බැහැරට යාමද තහනම් කරනු ඇති බව කියයි.
නගර බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, සිව්වැනි කොරෝනා රැල්ලේදී දේශීය කොවිඩ්-19 ආසාදිතයන් 48,800කට අධික සංඛ්‍යාවක් නගරය තුළ වාර්තා වෙමින්, සෑම දිනකම ආසාදිතයන් වැඩිවන ලකුණු පෙන්වන බැවිනි.
විශේෂයෙන් නිරෝධායන කලාපවල සහ ලොක්ඩවුන් කර ඇති ප්‍රදේශවල ආසාදන බහුලව පවතින බැවින්, සමාජ දුරස්ථ නියෝගය යටතේ සති දෙකක්, ආහාර, ඖෂධ සහ වෙනත් හදිසි අවශ්‍යතා මිලදී ගැනීමට මිස මිනිසුන්ට නිවසේ රැඳී සිටීමට සිදුවෙයි. ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වනවිට සෞඛ්‍ය සේවකයන්ගේ බර, වෛද්‍ය වෘත්තිකයන්, උපකරණ හා යටිතල පහසුකම් සීමාව ඉක්මවා යන බව බලධාරීන් පවසයි.
ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළද, ඔස්ට්‍රේලියාව මෙන්ම එන්නත්කරණයේදී යම් පසුබෑමක් පෙන්වීම වියට්නාමයේ වර්තමාන තත්ත්වයට හේතුව බව විදෙස් වාර්තා කියයි. විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවකට කඩිනමින් එන්නත් ලබාදීමේ වැදගතක්ම මේ මගින් වඩ වඩාත් තහවුරු කරයි.