නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැලඳීමෙන් පසුව කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ගත් බව රජයේ ප්‍රකාශකයා අද (03දා) පැවසීය.
අසනීප වීම හේතුවෙන් ආර්ඩෙන් සිය රාජකාරියෙන් ඉවත් වන අතර, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ග්‍රාන්ට් රොබර්ට්සන් අගමැති ධුරයේ වගකීම භාර ගන්නා බව ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
නවසීලන්තය බොහෝදුරට කොරෝනා වෛරසයෙන් තොරවන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්‍රජාව තුළ රෝගී තත්ත්වයක් වාර්තා නොවීය. පුරසාරම් දෙඩවීමක් නොකළත්, ලෝකයේ වඩාත් හොඳටම කොරෝනා පාලනය කළ නායිකාව බවටද ජසින්ඩා පත්වූයේ මේ නිසාවෙනි.