අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් නිවාසවලට වන්දි අත්තිකාරම් මුදල් ලබාදීම යටතේ මේ වන විට රුපියල් එක්කෝටි එක්ලක්ෂ පනස්දහසක මුදලක් ලබා දී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
හානියට පත් සෑම නිවසකටම වන්දි ලබාදෙන බවත්, වන්දි ලබාදෙන තෙක් කඩිනමින් රුපියල් දසදහසක අත්තිකාරම් මුදල් ලබාදෙන බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මේ යටතේ අද (09දා) දහවල් කාලය වන විට හානියට පත් නිවාස 1,015ක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ලබා දී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.