හිනිදුම පොලිස් බල ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 74 දෙනෙකු වාර්තා වි ඇති බැව් හිනිදුම පොලිසිය පවසයි.
පවුල් 57කට අයත් පුද්ගලයින් 121 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින අතර කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 41 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට පැමිණ ඇති බවද පොලිසිය පවසයි.
ගාල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ මහතා විසින් අමතර නිලධාරින් 13 නෙකු කොරෝනා මර්දන කටයුතු සදහා හිනිදුම පොලිසියට අනුයුක්ත කොට ඇත.
හිනිදුම පොලිස් ස්ථානාධිපතිවරයාට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු විසින් කොරෝනා මර්දන කටයුතු අධික්ෂණය කිරිම සිදුකෙරේ. ප්‍රදේශය පුරා ජංගම මුර සංචාර වැඩිකොට ඇති අතර නිරෝධායනය වන පුද්ගලයින්ගේ නිවෙස් පොලිස් නිලධාරින්ගේ දැඩි අධික්ෂණයට ලක්ව ඇත.
මුඛ ආවරණ නොමැතිව ගමන් කරණ පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් මෙහෙයුම් දියත් කොට ඇත. තවලම පොලිස් මුරපොළේදි නිරන්තරයෙන් මහමග ගමන් කරන පුද්ගලයින් පරික්ෂාවට ලක්කරන බවද පොලිසිය පවසයි.
හිනිදුම පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 33ක් තිබෙන අතර එය කලාප වශයෙන් කොටස් 08කට බෙදාවෙන්කොට කොරෝනා මර්දන කටයුතු කරගෙන යන බව පොලිසිය පවසයි.