මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්රය සම්බන්ධයෙන්නව ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවත් හදිසි විදුලිය මිලදීගැනීම් හැකිතාක් අවම කිරීමට පියවර ගන්නා බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළකළේ කුඩා සූර්යබල කර්මාන්තකරුවන්ගේ සහ පයුම්කරුවන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
" පසුගිය වසර 03 ක් තිස්සේම සැලකිය හැකි මට්ටමේ විදුලි ජනන කටයුත්තක් සිදුවෙලා නැහැ. වහල පියසි මත සවිකර ඇති සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය පමණයි ජාතික පද්ධතියට අමතර වශයෙන් එකතු වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් හැකිතාක් අවධානය යොමුකර මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්රය සම්බන්ධයෙන් ආණ්ඩුවට නව ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කරනවා" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.