අවදානමට ලක්විය හැකි රටවලට හදිසි උපකාර ලබා නොදුනහොත් ලොව පුරා බිලියනයක ජනතාවකට නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව රාජ්‍ය නොවන සංවිධානයක් අනතුරු අඟවා තිබේ.
ජාත්‍යන්තර බේරා ගැනීමේ කමිටුව (IRC) කියා සිටියේ වෛරසය ගෝලීයව පැතිරීම මන්දගාමී කිරීම සඳහා මූල්‍ය හා මානුෂීය ආධාර අවශ්‍ය බවයි.
ඇෆ්ගනිස්ථානය සහ සිරියාව වැනි රටවලට විශාල පිපිරීමක් වළක්වා ගැනීම සඳහා “හදිසි අරමුදල්” අවශ්‍ය බව එහි සඳහන් විය.
එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ලොව පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආකෘති සහ දත්ත පදනම් කර ගත් IRC වාර්තාව, ගෝලීය වශයෙන් ආසාදන මිලියන 500 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් හැකි බවට ගණන් බලා තිබේ.
BBC ඇසුරිනි