හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි පිරිසකගේ සහ වාර්ෂිකව 12,000, 14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේවා ආවේක්ෂණ අංශයන් හි සහ බෝනොවන රෝග ඒකකයන් හි වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයීම සදහා වූ වැඩසටහනක් සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (13) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විනි.
2016 වසරේ දී හදිසි අනතුරු පිළිබදව තොරතුරු රැස් කිරීමේ පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි. මෙමගින් හදිසි අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබද රියදුරන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන් සහ කළමණාකරණ කටයුතු සොයා බැලීම සිදු කරනු ලබයි. ඒ අනුව අද දින පසුගිය වර්ෂයේ හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහන යටතේ හදිසි ප්‍රතිකාර සේවාවන් අදාලව වෛද්‍යවරු ඇගයීම සිදු කරන ලදි.
රජයේ රෝහල්වල වාර්ෂිකව මිලියන 1.2 ක් පමණ හදිසි අනතුරු හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගනී. එයින් 1/5 හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වූවන් වේ. හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි ප්‍රමාණයක් මිය යන අතර, වාර්ෂිකව 12,000 ,14,000කට අධික පිරිසකගේ ජිවිත අහිමි වේ.
මේ අතරින් 3,000 ක් පමණ හදිසි අනතුරුවලින් මියයාමට හේතුවක් ලෙස මාර්ග තදබදය හේතුවන බව ද සොයාගෙන ඇත. ලෝකයේ දිනකට හදිසි අනතුරු හේතුවෙන් 14,000 ක ජිවිත අහිමි වේ. අවම වශයෙන් සෑම මිනිත්තු 06 කට වරක් එක් ජිවිතයක් අහිමි වේ.