හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 15දා කොරියාවේදි මියගිය තරුණයාගෙ අවසන් කටයුතු ලංකාවේ ඔන්ලයින් ආගමික වතාවත් මැද අද (23දා) සිදු කෙරිනි.
වසර තුනක පමණ කාලයක් කොරියාවේ සේවය කළ වැලිගෙපල කැලෑගම්මන පදිංචි චමින්ද බණ්ඩාර (41) දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්විය.
පවතින කොරෝනා අවධානම සමග මෘත දේහය ලංකාවට ගෙන ඒමට හැකියාවක් නොමැති හෙයින් කොරියාවේ පදිංචි ශ්රී ලාංකික මිතුරන්ගේ සහයෙන් ඌහාන් නගරයේදී අවසන් කටයුතු සිදු කෙරිණ.
එයට සමගාමිව ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් බෞද්ධ ආගමික වතාවත් වැලිගෙපල නිවසේදි පවුලේ නෑදෑ පිරිස විසින් සිදු කරන ලදි.
බලංගොඩ අරුණ දිසානායක