පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (16 ) දින දහවල් පැමිණි කාන්තාවක් සන්තකයේ ජාතික හැදුනුම්පත් දෙකක් තිබි සොයා ගැනිමට එම ස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරත වු සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් කටයුතු කර තිබු අතර පසුව පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මුලස්ථාන පොලීසියට භාර දි ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ යාපනය සිට පුත්තලමට පැමිණ දැනට පුත්තලම නැගෙනහිර ග්රාම නිලධාරි කොඨඨාසයේ පදිංචි කාන්තාවකි.
පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් සැකකාර කාන්තාව පරික්ෂා කිරීමේ දි එම කාන්තාව සිවිල් ආරක්ෂක නිලධාරින්ට හැදුනුම්පත ලබා දි ඇති බවත් පසුව ඇගේ අත් බෑගය පරික්ෂා කිරිමේදි අනෙක් හැදුනුම්පත සොයා ගැනිමට හැකිවි ඇත.
මෙම කාන්තාව පළමු හැදුනුම්පත යාපනය කිලිනොච්චිය ප්රදේශයේදි සකසා ගෙන ඇති බව පැවසේ. නැවත දෙවන හැදුනුම්පත පුත්තලම නැගෙහිර ග්රාම නිලධාරිවරයා විසින් අදාළව සකසා දී ඇති බවට මුලික විමර්ශන වලදි සනාථ වි තිබේ .
කොසේ නමුත් මෙම හැදුනුම්පත කුමන හේතුවක් මත සකසා දුන්නේ දැයි තහවුරු වි නැති බවද පැවසේ. කෙසේ නමුත් අදාළ කාන්තාව සම්බන්ධව විමර්ශනයක් අරඹා ඇති බව කියයි.
පොලිස් අත් අඩංගුවට ගත් කාන්තාව කුට ලේඛණ සකස් කිරීමේ චෝදනාව මත මේ වනවිට පොලිස් භාරයේ රදවා ඇති බවත් 17 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම මුලස්ථාන පොලීසියේ ප්රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් පරික්ෂණ අරඹා තිබේ .
පුත්තලම- හිරාන් ප්රියංකර