කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිම නිසා හැටන් නගරය ඉකුත් (27) දින සිට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරිණ.
සිවු දිනක් තිස්සේ වසා දමා තිබු වෙළදසැල් (31) දින විවෘත කිරිමටත් , කොවිඩ් 19 වෛසරය අසාදනය වු හැටන් මහජන වෙළදපොල තවදුරටත් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා උපදෙස් ලබා දි ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් හමු වු හැටන් මහජන වෙළදපොල භුමියේ වෙළදසැල්ද (31) දින වෙළදසැල් හිමියන් විසින් විවෘත කර තිබු අවස්ථාවේ එය වැසිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා සහ ව්‍යාපාරිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
හැටන් මහජන වෙළදපොල භුමිය විෂබිජහරණය කිරිමෙන් පසු විවෘත කිරිමට උපදෙස් ලබාදෙන තෙක් එය විවෘත නොකරන ලෙස හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හැටන් මහජන වෙළදපොලේ වෙළදසැල් හිමියන්ට තරයේ අවවාද කෙරිණ.
(31) දිනයේ වෙළදසැල් විවෘත කලද හැටන් නගරයට පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් නොපැමිණි අතර , බස් රථ ධාවනයද ඉතා අවම තත්ත්වයක පැවතින.