කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් සහ හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 29 දෙනෙකු (24) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
සෙන් කුම්බ්ස් වතු යායෙන් අසාදිතයන් 25 දෙනෙකු සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අසාදිතයන් 04 දෙනෙකු ඒ අතර අතර සිටින බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් සහ ඊට යාබදව පිහිට සෙන් කුම්බ්ස් වතු යායෙන් අසාදිතයන් 38 දෙනෙකු මිට ප්‍රථම හදුනාගත් බවත්,එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 150 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 29 දෙනා හදුනාගත් බවත්,පවත්නා අවධානම් තත්ත්වය මත තලවකැලේ තේ පර්යේෂණ ආයතන තවදුරටත් තාවකාලිකව වසා දමා සෙන් කුම්බ්ස් වතු යාය තවදුරටත් හුදකලා කර තැබිමට පියවර ගත් බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.