අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති ගිනිගත්හේන 315-A ග්‍රාමසේවා වසමට අයත් කැරොලයිනා වත්තේ කඩවල කොටසේ නව අසාදිතයන් 24 දෙනෙකු (23) දින හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
හුදකලා කර ඇති ගිනිගත්හේන කඩවල වතු යායෙන් ආසාදිතයන් ගණනාවක් හමුවිම නිසා එම කොටස හුදකලා කිරිමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර තිබුණි.
අසාදිතයන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවත්,මිට අමතරව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් අසාදිතයන් 47 දෙනෙකු (23) දින හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
හුදකලා කර ඇති කඩවල වතු යායෙන් සහ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් 80 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්, ඉන් 47 දෙනෙකු අසාදිතයන් බවට හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
නව අසාදිතයන් 47 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත්,අසාදිතයන් 47 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.