හුදකලා කර ඇති බගවන්තලාව නගර සිමාවෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 08 දෙනෙකු (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හුදකලා කර තේ වතු යායවල් වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම සහ බගවන්තලාව නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු මිය යාමත් සමග 50 දෙනෙකුගෙන් පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලබා ගත් බවත්, එම පරික්ෂණ වාර්තා වලින් 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්පැවසිය.