සංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ120 න්අසාදිතයන් 43දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද පවසයි.
මෙම අසාදියන් හතලිස්තුන්දෙනා සමග ඵම වතුයායේ කොවිඩි19 ආසාදිතවු මුළු ගණන 94දක්වා ඉහල ගොස් තිබේ.
ගෝලින්දාවත්තතුන්වන කොටස තුල සිදුවුකොවිඩ් ආසාදිත මරණයත් සමග මෙම ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇන්ටිජන් සහ පී සි ආර් පරික්ෂණ සිදුකිරිමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කටයුතු යොදා ඇත.
වයිරසය අසාදිත පුද්ගලයන් උදුගොඩ වරකාපොල රඹුක්කන පින්නවල බෙලිගල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර පලමු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරිමට මේ වන විට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි