කොරෝනා වසංගතයට එරෙහිව රජය ස්ථාපිත කර ඇති ජනපති කාර්ය සාධක බළකායට හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙන්ම, මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති චරිත හේරත් මහතා සම්බන්ධ ගැනීම පිළිබඳව සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ප්‍රකාශයට චරිත හේරත් මහතා පිළිතුරක් ලබාදී තිබේ.
මහ මැතිවරණය කල් දමා ඇති අවස්ථාවක මෙන්ම රටේ බරපතල වසංගත තත්ත්වයක් ඇති අවස්ථාවක තමන් සතුව ඇති සෑම හැකියාවක්ම පාවිච්චිකරමින් ව්‍යවසනයෙන් ගැලවීමට යාන්ත්රණයට උපකාර කිරීම වැදගත් බව ඔහු පවසයි.
“කොරොනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් ලබා දෙන රජයේ ක්‍රියාදාමයට මම උදව් කරමින් සිටීම එක් දේශපාලන පක්ෂයක් (සමගි ජන බලවේගය) විසින් ප්‍රශ්න කර ඇති බවක් සමහර මධ්‍ය මගින් වාර්තා වී ඇත. ඒ අයගේ මතය වී ඇත්තේ ඉදිරි මැතිවරණය සදහා ජාතික ලැයිස්තුව තුල සිටින නිසා 'නම යොදා ගනිමින්' මේ වැනි සේවාවන් සඳහා වැඩ කිරීම වුවත් වැරදි දෙයක් බවයි.
රටේ බරපතල වසංගත තත්වයක් ඇතිවී තිබෙන අවස්ථාවක සහ මැතිවරණය දින නියමයක් නොමැති ව කල් දමා ඇති අවස්ථාවක අපි සිතන්නේ අපි සතුව ඇති සෑම හැකියාවක් ම පාවිච්චි කරමින් මේ ව්‍යයසනයෙන් ගැලවීමට රටේ යාන්ත්‍රණය ට උදව් කිරීමය. එහෙත් මේ පක්ෂයේ අය කල්පනා කරන්නේ මේවායේ දේශපාලන හැඩ හුරුකම් පිලිබදව ය. නෛතික තත්වය කෙසේ වුවත් රටේ එක් ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඒ ආකාරයෙන් සිතන්නේ නම් ඒ පිලිබදව අවධානයට ගැනීම සුදුසු බව මගේ අදහසය. ඒ නිසා මේ අර්බුද ජනක කොරොනා වසංගතයයෙන් රට ගලවා ගැනීමට මෙහෙයට 'නම භාවිතා කර නොගනිමින්' අව්‍යශ්‍ය සහාය ලබා දීමට අදහස් කරමි.
අප හදට ඇගිල්ල දිගු කොට හද පෙන්නද්දී සමහරු බලන්නේ ඒ දෙස නොව ඇගිල්ල දෙස යැයි කියමනක් තිබේ. වසංගතයයෙන් රට බේරන්නට අපි මහන්සි වෙද්දී සමහරු බලන්නේ ඒ දෙස නොව ඒ මහන්සියේ දේශපාලන වාසියක් තිබේදැයි කියාය. මෙය පිලිබදව උත්ප්රාසයෙන් බැලීම හැර වෙන කල හැකි යමක් ඇතැයි මා සිතන්නේ නැත.
මේ කාරනයට අමතරව මේ ලිපියෙන් ප්‍රශ්න කර ඇති අනෙක් කාරණය වන්නේ විශ්ව විද්‍යාල ආචාරධුරයක සිටින අයෙක් ජාතික ලැයිස්තුව නියෝජින කරන ආකාරය පිලිබදවය. තරමක් පරිනත දේශපාලන නායකයෙකු වන මේ පක්ෂයේ ලේකම්තුමා තමන් නොදන්නා මෙවැනි දේවල් ගාම්භීරව ලියන්නේ ඇයිදැයි මා දන්නේ නැත. එතුමාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙ සිටින විශ්ව විද්‍යාල ආචාර වරයෙක්ගෙන් වෙතින් වත් විමසුවේ නම් මේ කාරණය ගැන උත්තරයක් එතුමාට ලබා ගත හැකිව තිබූ බව මගේ අදහසය.”