මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරු කරගැනිම සඳහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බව හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.
හෝටල් සේවකයාට මීට සති දෙකකට පමණ ඉහතදි කොවිඩ් එන්නත ලබාදි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය.
එන්නත ලබාදුන් දින සිට හෝටල් සේවකයාට උණ, ඇගපත වේදනාව, හිසරදය වමනය හා රුධිර පට්ටිකා අඩුවිම යන සංකුලතා ඇතිවි තිබෙන බවද ඇය පවසන්නිය.