Covd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
Covid- 19 ව්‍යසනයේ වර්තමාන හා ඉදිරි තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් සිදුකරන ලදහ.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් -19 ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින් ද ඊට එක්වී සිටිති.