හිටපු ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පැය 03ක කාලයක් සාක්ෂි ලබා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ සිවුවන දිනටයි.
උදෑසන 10ට පමණ කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා පස්වරු 01ට පමණ එම කොමිසමෙන් පිටව ගියේය.
මේ මස 22වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.