පුද්ගල ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට ශ්‍රී ලංකාවට අවශ්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙක් ඉන්දීයාවේ තමිල් නාඩුවේදී තමිල් නාඩු Q අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සුනිල් ගාමිණී නොහොත් ෆොන්සේකා (52) නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ තවත් අපරාධ කල්ලි සාමාජිකයෙක් වෙන කිඹුලා ඇලේ ගුණාගේ සමීපතමයෙක් වෙයි.
එසේම සැකකරුට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පැවැතී ඇති අතර 2013 වසරේදී ඔහු ඉන්දියාවට ගොස් තිබේ.
සැකකරුට ව්‍යාජ ඉන්දීය ගුවන් බලපත්‍රයක් හිමි අතර ඉන්දියාවේ ඡන්ද භාවිත කිරීම සඳහා භාවිත කරන ජන්ද දායක හැඳුනුම්පතක්ද ලබාගෙන තිබේ. සැකකරු අවස්ථා කිහිපයකදීම රැදී සිටින ස්ථාන මාරු කරමින් කටයුතු කර තිබේ.
සැකකරු දින 14කට බන්ධනාගාර ගත කර තිබේ, ඔහු තමිල්නාඩුව තුළ අපරාධ සඳහා සම්බන්ද වී නොමැති අතර 1999 වසරේදී එවක ජනපතිවූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයට සැකකරු සම්බන්ධ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.