ස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනා මත පවරා ඇති නඩුවේ විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම් පත්‍රය අද (03දා) දින කැඳවීමට නියමිතය.
කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම් පත්‍රය නිශ්ප්‍රභ කිරීම ප්‍රතිශෝධනය කරන ලෙසද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම් පත්‍රය මගින් ඉල්ලා ඇත.
හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කොට තිබූ මෙම ප්රතිශෝධන අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කොට ඇත.
හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ස.තො.ස. සභාපති නලින් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ෆාකීර් මොහොමඩ් නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩු විභාගය ආරම්භ කරමින් නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය නියම කොට තිබිණි.
එම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම්පත්‍රය අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කරන ලද අතර, අභියාචනාධිකරණයේ එම නියෝගය ඉවත දමා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප නියම කරන ලෙස මෙම ප්රතිශෝධන අයැදුම් පත්‍රයෙන් ඉල්ලීම් කොට තිබිණි.
එම පෙත්සම අද දින කැඳවීමට නියමිතය.