ප්‍රභූ ඝාතනයක් සැලසුම් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අද (21දා) ඇප නියම විය.
ඒ අනුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
සැකකරුට විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.