ජනාධිපති ඝාතනය කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වැඩ තහනමකට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද (22දා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව පසුගිය 18 වැනිදා පැය 09ක කාලයකුත්, 19 වැනිදා පැය 09ක කාලයකුත් වශයෙන් මේ වනවිට පැය 18ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මීට අමතරව අද (22දා) උදෑසන 9.30ට ප්‍රකාශ ලබාදීම සඳහා නැවත පැමිණෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාට දැනුම් දී තිබේ.