කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් ගණනාවක් හැටන් මහජන වෙළදපොල භුමියෙන් හමුවිමත් සමග වසා දමා තිබු හැටන් මහජන වෙළදපොල භුමියේ වෙළදාම් කටයුතු දින 9 කට පසු අද (04) දින ආරම්භ කලහ.
හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් (03) දින මහජන වෙළදපොල භුමිය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමෙන් අනතුරුව අද දින මහජන වෙළදපොල භුමියේ වෙළදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු ආරම්භ කෙරුණි.
මහජන වෙළදපොල භුමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන සියලුම ව්‍යාපාරිකයන්ට නිරෝධායන රෙගුලාසි සහ උපදෙස් වලට අනුකුලව තම ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දි තිබුණි.
කොවිඩ් 19 වෛසරය ආසාදනය වු ප්‍රථම ආසාදිතයා හැටන් මහජන වෙළදපොල භුමියෙන් හමුවිමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් තවත් දස දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමු විමත් සමග හැටන් නගරය ඉකුත් මස (27) දින සිට (02) දින දක්වා හුදකලා කර තිබුණි.