කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමාව (25) දින අලුයම සිට ලිහිල් කිරිමත් සමග හැටන් නගරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට දැඩිව සංචරණ නිතිය ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.
හැටන් නගරයට ඇතුල්වන අනවශ්‍ය වාහන ආපසු හරවා යැවිමට පොලිස් නිලධාරින් කටයුතු කල අතර, ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සහ අත්‍යවශ්‍ය වෙලදසැල් පමණක් විවෘත කිරිමට පොලිසිය විසින් අවසර ලබාදුන් අතර,සංචරණ උපදෙස් වලට පටහැනිව විවෘත කල වෙලදසැල් වසා දැමිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.
පොදු ප්‍රවාහන සේවා කිසිවක් ධාවනය නොකල අතර,හැටන් නගරයට පැමිණි වැඩි පාරිභෝගිකයන් පිරිසක් පයින් ගමන් කර වෙලදසැල් වලින් අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය මිල දි ගන්නා ආකාරය අප කැමරාවේ සටහන් විය.