කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දස දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙළදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලින් මත්ස්‍යයින් මිලට ගෙන හැටන් මහජනපොලේ මත්ස්‍යයින් අලෙවි කල වෙළෙන්දෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට පොළොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් ඇත.
එම වෙලෙන්දාගේ ආශ්‍රිතයන් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයන්ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිවුදෙනෙකුට සහ හැටන් මහජන වෙළදපොලේ ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට සහ මත්ස්‍ය වෙලෙන්දාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති රෝගින් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද අද දින වසා දැමිමට එම නගර වල වෙළද සංගම් තිරණය කර ඇත.