කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමත් සමග වතුකරයේ තරුණයන් විශාල පිරිසක් හැටන් නගරයේ පදික වේදිකාවේ මේ දිනවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.
එම ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් තරුණයන් ඔවුන් අලෙවි කරන එළවලු ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට අසුරා අලෙවි කරන බවට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත ලද පැමිණිල්ලක් මත හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා එම ව්‍යාපාරිකයන්ට අද (05) දින එම ව්‍යාපාර කටයුතු සිදු කරන ස්ථාන වෙත ගොස් අවවාද කරනු ලැබුහ.
පොළව මට්ටමේ සිට අඩ් 1 ½ උසකින් යුක්ත ලැලි තට්ටුවක් හෝ ප්ලාස්ටික් බදුනක් මත තබාගෙන ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසටත් , එම ව්‍යාපාරිකයන්ට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් අවවාද කරනු ලැබිණ.
එසේ නොකරන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ .