වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණ පළා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔවුන්ගේ ඥාතින් සමඟ අද (07) හැටන් පොලීසියට භාර වි ඇත.
ඉකුත් මස (07) දින මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ගොස් එම දේවස්ථානය නැරඹිමට අවශ්‍ය බවත්, එම දේවස්ථානයේ පියතුමන් සිටිනවාද යන්න එම දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණි කිතුණු බැතිමතුකුගෙන් විමසිමක් සිදු කර තිබුණි.
එම අවස්ථාවේ දේවස්ථානයේ දේව මෙහෙයට සිනුව නාද කිරිමත් සමඟ එම තරුණයන් දෙදෙනා පළා යාමෙන් පසු පාස්කු ඉරුදින සිදු කල ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කර එම තරුණයන් දෙදෙනා පිළිබදව සැක සිති එම දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර ආරක්ෂිත කැමරාවේ දර්ශනද පොලීසිය වෙත භාර දි තිබුණි.
ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ හැටන් පොලීසිය මගින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසු එම දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය විමෙන් පසු එම තරුණයන් පිරිස අද හැටන් පොලීසියට භාර වි ඇත.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් කොළඹ ප්‍රදේශයේ ආගමික යාඥාවන් (ජමාත්) සඳහා තරුණයන් යොමු කරන ප්‍රධාන මුස්ලිම් පල්ලියක් මගින් පිරිස හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වෙත එවා තිබුණි.
හැටන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු නියැලි සිටිමෙන් අනතුරුව ප්‍රථම වතාවට හැටන් ප්‍රදේශයට පැමිණි අවු 18 ත් 25 අතර වයස් කාණ්ඩවල පසුවන එම තරුණයන් පිරිස හැටන් ප්‍රදේශයේ සුන්දර ස්ථාන කිහිපයක් නරඹා පැරණි ශ්‍රි කුරුස දේවස්ථානය නැරඹිමටද ගොස් ඇති බවයි එම තරුණයන් විසින් හැටන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.
මෙම තරුණයන් පිරිස කිසිදු ත්‍රස්තවාදි ක්‍රියාවකට සම්බන්ධ නොවන අය බවත්, මෙම තරුණයන් පිරිස යාඥා කටයුතු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලට ගොස් යඥාවල යෙදෙන පිරිසක් බවයි හැටන් පොලීසිය පැවසුවේ.