හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ (17) දින පැවති ප්‍රභුවරුන් සහභාගි වු රැස්විමකට සහභාගි වි සිටියදි නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා පෙර අසාදිතයාගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නාගරික මන්ත්‍රිවරයා සහ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර නාගරික මන්ත්‍රිවරයාගේ සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු නාගරික මන්ත්‍රිවරයා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.