මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර නොර්ටන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලමින් පවති.
මෙම ප්‍රදේශයන්ට දින ගනනාවක් පුරාවට ඇද හැලෙන වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.
මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට මේ වන විට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.