විශාල පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු (11) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඉකුත් (09) දින සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල ගල් කිහිපයක් සමග පස් කන්දක් (10) දින අලුයම කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු (11) දින පස්වරුව වන තෙක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
පස් කන්ද කඩා වැටිම හේතුවෙන් ප්‍රධාන මාර්ගය අභියස තිබු වෙලදසැලකටද දැඩි අලාභ හානි සිදු වි තිබුණි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් සහ විශාල ගල් නොර්වුඩ් සහ කැගල්ල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල නිලධාරින් සහ සේවකයින් , පොල්පිටිය ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ නිලධාරින් එක්ව එම මාර්ගයේ කඩා වැටුණු පස් ඉවත් කර මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට විවෘත කරනු ලැබුහ.