හැටන් දික්ඔය නගර සභා සිමාවේ (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු හැටන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු එකම පවුලේ 10 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර ඉකුත් (25) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම 10 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත්, අනෙක් අසාදිතයන් දෙදෙනා දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්තාවේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු අය බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
මේ මස තුල හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 35 දෙනෙකු පමණ හමු වු බවත්, එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොයැම නිසා නිවස තුල සිටින අනෙකුත් සමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිතයන් හමු වු හැටන් ගාමිණිපුර සහ ආරියගම යන ප්‍රදේශ විෂබිජහරණය සිදු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.