පැතිරයන කොරෝනා වෛරස් තත්වය යටතේ හෙට (10) සිට සියලු වනෝද්‍යාන හා සත්ව උද්‍යාන සදහා ජනතාව ඇතුල් කිරීම සිමා කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව කියාසිටියේ අද (09) දින සූරියවැව මදුනාගල ප්‍රදේශයේ පවතින අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එමෙන්ම ඉදිරියේදී හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර සෑදීම සදහා රුපියල් කෝටි 80ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් එතෙක් හම්බන්තොට මදුනගල්ක ප්‍රදේශයේ සිටින වනඅලින් පලවා හැර ප්‍රදේශයේ ජනතාවගේ ජනජීවිතය සුරික්ෂිත කිරීම සදහා කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.