නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට (26) සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
මහජනතාව පිළිබඳ සොයා බැලිමට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් යොදවා පරික්ෂා කරන බව මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඒ සඳහා වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ආරම්භ කොට ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මේ දක්වා අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් පමණක් බවත් හෙට සිට පුද්ගල දුරස්ථභාවය රඳවා නොගන්නා පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.