2018 අයවැය යෝජනාවක් අනුව වැඩි කරන ලද දුම්රිය ගාස්තු හෙට (01දා) සිට ක්රියාත්මක වෙයි.
කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ. ඒ අනුව තෙවැනි පන්තිය රු. 10, දෙවැනි පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 ඒ ආකාරයෙන්ම පවතිනු ඇත.
දුම්රිය ගාස්තු 15%කින් වැඩි වන අතර මෙහිදී දුම්රිය වාර ප්රවේශ පත්ර ගාස්තුද වැඩිකිරීමට නියමිතය.
කෙසේ වෙතත් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ වසර 10කට පසුව වන අතර එසේ වුවත් එය බස් ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතී.