හෙට (16දා) සිට 18 දා තෙක් උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.
එසේම අද දිනයේදී බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක පස්වු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද රාතී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද දිනයේදි දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.