දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද මධ්‍යාහ්න ඔවුන් නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.
කෙසේ වෙතත් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.