කැලණිය ප්‍රදේශයේ නළ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් නිසා හෙට (26දා) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජාඇල හා අවට ප්‍රදේශ දහඅටක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව හෙට (26දා) පෙරවරු 09.00 සිට 27 වන දින පෙරවරු 03.00 දක්වා කාලය තුළ ජලය අත්හිටුවන ප්‍රදේශවන්නේ ජාඇල සහ කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශ හා ඒකල, කඳාන ආනියාකන්ද බටගම, කුඩාවැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාවාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, බෝපිටිය යන ප්‍රදේශවලටය.
මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට සියලුම ජල පාරිභෝගිකයින්ගෙන් ජාතික ජලසම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.