පළාත් සංචරන සීමා පනවා තිබුණද හෙට (17) අළුයම සිට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පිට පළාත්වල සිට කොළඹට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි තුමාගේද උපදෙස් මත විශේෂ දුම්රියන් ලෙස මහනුවර දුම්රිය ස්ථානයේන් පෙරවරු 05.00 ට, මහව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 04.45ට,හලාවත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.50 ටත්, කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට යොදා ඇත.
එසේම රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.57ට,පෙරවරු 11ට,පස්වරු 2. 15ට දුම්රිය තුනක් කොළඹ කොටුව දක්වාද, බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 04.30ට මරදාන දක්වා දුම්රියක්ද ධාවනයට යොදවා තිබේ. තවද බෝලවත්ත සිට පුත්තලම දක්වා විශේෂ දුම්රියක් පෙරවරු 07.00ට ධාවනය කිරීමට නියමිතය.
මෙම දුම්රිය ධාවනය කිරීමේදී මෙහෙයුම් දුම්රිය ස්ථානවල (උපදුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කෙරේ) පමණක් නතර කරනු ඇත. එසේම සවස් කාලයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 05.45ට මහනුවර දක්වාද, පස්වරු 6.00ට මහව දක්වාද, පස්වරු 05.18ට හලාවත දක්වාද දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතය.
එසේම මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.40ට බෙලිඅත්ත දක්වා දුම්රියක්ද පුත්තලම හා බෝලවත්ත අතර විශේෂ දුම්රිය පස්වරු 04.00ටද ධාවනය කිරීමට නියමිතය.
මෙම දුම්රියයන් හි ගමන් කිරීමට පැමිණෙන මගීන්ගේ සේවා හැදුනුම්පත් හෝ අදාළ රාජකාරී ලියකියවිලි පරික්ෂා කිරීමට දුම්රිය සේවක මහතුන් යොදවා ඇති බවත් අදාළ දුම්රියයන් තුළ ට දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඒ අයගේද පරික්ෂාවට ලක්කිරීමට නියමිත බවත් ලේකම් වරයා පැවසුවේය.
එසේම පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ දුම්රිය කාලසටහනට අනුව හලාවත ,කොච්චිකඩේ ,අවිස්සාවෙල්ල ,මුහුදු බඩ මාර්ගයේ හා ප්‍රධාන මාර්ගයේ දුම්රියන් ධාවනයට යොදවා ඇත.
කොළඹ කොටුව සිට අලුත්ගම, අවිස්සාවේල්ල ,අඹේපුස්ස, කොච්චිකඩේ දක්වා එම කාලසටහනට අනුව දුම්රිය ධාවනයට යොදවා ඇති අතර මගීන්ගේ පැමිණීම බලා කාලසටහනට අමතරව දුම්රිය වාර කිහිපයක්ද එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.