කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග , හෙට දින කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .
හෙට දින අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට සැලසුම් කර තිබුණි.
මේ අතර ඉකුත් 19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින් , සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් මැයි 25 දින පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසීය .
එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු අප්‍රිකාවේ මාස දෙකක පමණ කාලයක් රැදී සිටි ශ්‍රී ලාංකිකයෙකු අද දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යායානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔහු අද දින රාත්‍රී 6.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ තාක්ෂණික නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු වන අතර , වැඩිදුර පුහුණුවක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් සිටියදී , මෙසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී එරට තුළ කොටු වී තිබේ .