හෙට (26) සිට රටපුරා ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් සිනමා ශාලා විවෘත කිරිමට අවසර නොලැබෙන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බවත් මහජනතාව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් යොදවා පරික්ෂා කරන බව මෙහිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි.