හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර් ඩී උඩවත්ත මහතා ප්‍රකාශ කළේය.
පොළොන්නරු දිසා ලේකම් ඩබ් ඒ ධර්සේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝවිඩ් මර්දන කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇත.
කෝවිඩි ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී නගරයේ සිදුවන රැස්විම්, වෙළද සහ දන්සල් ආගමික උත්සව , පිළිබඳව තීරණය කරන බව ද සභාපතිවරයා පැවසීය.