හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිලධාරින් දහතුන් දෙනාගේ පි. සි. ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආසාදිතයින් නොවන බවට අනාවරණය වු බව හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා පවසයි.
මේ පිළිබදව අප කල විමසිමේදි හිගුරක්ගොඩ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවැසුහ,
ඉකුත් දිනක කොවිඩ් 19 ආසාදිත රෝගියෙකු පොලිස්ථානය වෙත පැමිණිමත් සමග ඔහු පැමිණි අපරාධ විමර්ශන අංශයේ සියලුම නිලධාරින් ස්වයං නිරෝධායනයට ලක් කරයි. පි සි. ආර්. පරික්ෂණ වලට ද භාජනය කලා. එහි ප්රතිපල අනුව එම නිලධාරින් කිසිවෙකුට කොවිඩ් 19 රෝගය ආසාදිතයන් නොවන බව තහවුරු වි තිබේ. ඒ අනුව සුපුරුදු ලෙස හිගුරක්ගොඩ පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලු කටයුතු නැවත සිදුවන බවත් කිසිදු බියකින් සැකයකින් තොරව තමන්ගේ සේවාවන් ලබා ගැනිම සදහා පොලීසිය වෙත පැමිණෙන ලෙස මහජනතාවගෙන් පොලිස්ථානාධිපතිවරයා ඉල්ලා සිටි.