මුස්ලිම් දේශපාලඥයින් සිය බලය වෙනුවෙන් ගෙන ආ ආගමික අන්තවාදය දැන් ඔවුන්ටම පාලනය කිරිමට නොහැකිවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
" හකීම්ටත් බද්යුදීන්ටත් ගෙනාපු භූතයා දැන් බෝතලයට දා ගන්න බැරිව ඉන්නේ. මේක කතෝලික ජනතාවගෙන් ආරම්භ කළත් එය නවතින්නේ මුස්ලිම් දේශපාලඥයොත් නැති කරමින්." යැයි ඔහු ප්රකාශ කළේය.