සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද ගම්මාන හතරක් විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ අනුව යාගොඩමුල්ල - රසකැවිලි ගම්මානය , මැඩෑමුල්ල - ඇගළුම් ගම්මානය , බෝධිපිටුවල - කළු ගම්මානය සහ කොරස - කොහු ගම්මානය මෙලෙස විවෘත කරනු ලැබීය.
ගම්මාන හතර විවෘත කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටියේ, රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙවන් ගම්මාන 500 ක් දිවයින පුරා ඉදිකෙරෙන බවත් ගම්පහ දිස්ත්‍රික්කය තුල ගම්මාන 40 ක් ඉදිකෙරෙන බවත් පැවසීය.
මෙම එක් ගම්මානයක් සදහා රුපියල් ලක්ෂ සීයක මුදලක් වැය කෙරෙන බවත් මෙම ගම්මානවල හදුනාගත් නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය පුහුණුව ලබා දීම සහ වෙළඳපොල සැකසීමද ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
ගම්මාන හතර විවෘත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණී කුලතිලක සහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ අයේෂ් එම් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම කාන්ති