සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් වාහනයකින් රහසිගතව මත්පැන් ප්‍රවාහනය කරලා
පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් සේවකයන් ප්‍රවාහනය කරන වෑන් රථයකින් අරක්කු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු සහ එම වෑන් රථය හිගුරක්ගොඩ කාලිංඝ ඇල ප්‍රදේශයේදි අද ( 14 ) වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
මෙම වෑන් රථයේ තිබි මිලිලිටර් 180 ප්‍රමාණයේ බෝතල් 125ක් සහ රියදුරුට අරක්කු ප්‍රවාහනයට භාරදුන් පුද්ගලයාද ඒ සමග අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මුලස්ථාන පොලිස් පරික්ෂක ඞී.ජී.එස්. සංජීව මහතා අප කල විමසිමකදි සඳහන් කළේය.
අදාල වෑන් රථයේ රියදුරු අද උදැසන සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවකයින් පිරිසක් හිගුරක්ගොඩ රෝහලට ප්‍රවාහනය කර නැවත පැමිණ මෙම අරක්කු තොගය ප්‍රවාහනය කිරිමට ගොස් ඇති බවද මුලික පරික්ෂණ වලින් හෙලි වි ඇති බව පොළොන්නරුව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථයත් අරක්කු බෝතල් 125 ද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ( 15) වෙනිදා ඉදිරිපත් කිරිමට නියමිත බව පොළොන්නරුව මුලස්ථාන පොලිස් පරික්ෂක සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

