සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් පිළිපදින්න
කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය ලබාදීම වෙනුවෙන් සැවොම අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුව ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඇතැම් පිරිස් සිය පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යන හෙයින් ඒ සම්බන්ධයෙන් ද කල්පනාකාරී විය යුතු බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10දා) පස්වරුවේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් සඳහන් කළේය.
ලෝකය පුරා පැතිරෙන කොවිඩ් - 19 වසංගතය සාර්ථකව මැඩ පැවැත්වීමට රජය සමත්ව සිටින බවත්, ඉදිරියේදීත් රජය ඒ පිළිබද අවධානයෙන් සිට වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට සියලු ශක්තීන් යොදවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය .
වසංගතය අවසන් වූ බව නොසිතා සියලු දෙනා ප්රවේශම්කාරීව සෞඛ්‍ය පුරුදු අකුරටම අනුගමනය කළ යුතු ව තිබෙන බවත්, සදහන් කළ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙවැනි තත්ත්වයක් හමුවේ වුවද රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයකට බව අද වන විට සියලු දෙනා තේරුම්ගෙන ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ පිල් බෙදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම පිල්බෙදීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නියත ජයග්‍රහණයක් පෙනෙන්නට තිබෙන බවය.
කුමන බාධක හමුවේ වුවද ඉලක්කගත සංවර්ධනයක් කරා රට ගෙනයාමට පියවර ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා පසුගිය එජාප රජය සමයේ සිදුකළාක් මෙන් පලිගැනීම් දේශපාලනයක් මින් ඉදිරියට සිදුනොවූවත්, තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Saturday, 11 July 2020 11:54 PM
Mr. Prime Minister, "Owas denu parahata .... Convey same to the President too.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
