සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින බස්නාහිර පළාතේ විවෘත කර තිබූ අවන්හල්, ව්‍යායාම් මධ්‍යස්ථාන, සිනමාශාලා, පිහිණුම් තටාක සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුලු ස්ථාන 313ක් පොලිසිය විසින් වටලා තිබේ.
මෙහිදී බස්නාහිර පළාත තුළ එවැනි ස්ථාන 1,318ක් ඊයේ දිනයේදී පරීක්ෂා කළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කර සිටියේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් එවැනි ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් 31 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානවල සිටි තවත් පුද්ගලයින 605 දෙනෙකුට අවවාද කර ඇති බවයි බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.