රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව එය දැන ගැනීමෙන් තමන්ට ක්ෂණිකව කනගාටුවක් ඇතිවුණ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ හෝ පක්ෂය තුළ සාකච්ඡා නොවුණ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.