සිරිකොතේ බලය අල්ලනවා කියපු අයට සිරිකොතට ඇතුළු වෙන්නටත් බෑ
පක්ෂ විනය කැඩූ 102 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය අධිකරණය විසින්ද සනාථ කර ඇති බවත්, සිරිකොතේ බලය අල්ලන බව කියූ කල්ලියට සිරිකොතට ඇතුළුවීමටවත් නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව පක්ෂයේ විනය කැඩූ අය සිරිකොතට ඇතුළු වුවහොත් අයුතු ඇතුළුවීම යන කාරණය යටතේ නීතිමය පියවර ගැනීමටද හැකියාව තිබෙන බව මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ(22දා) පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
“පක්ෂයේ විනය කැඩූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් එකසිය දෙදෙනෙකුට විරුද්ධව අප විනය පියවර ගත්තා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් ඔවුන් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.
අද දිනයේදී එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ විනය කැඩූ පිරිස ඉල්ලා සිටි වාරණ නියෝගය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අපි සැම විටම කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව. මේ පිරිස පක්ෂයේ රඳවා ගැනීමට අපි උපරිම උත්සහයක් ගත්තා. නමුත් පක්ෂය කඩා බිඳ දැමීමට බිඳ දැමීමට මේ පිරිසට අවශ්‍ය වුණා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගත් සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය අද අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. මේ පිරිස සිරිකොතේ බලය අල්ලා ගන්නත් කතා කළා. අද ලැබුණු අධිකරණ නියෝගයත් සමග මේ පිරිස සිරිකොතට ඇතුළු වුවහොත් එය අයුතු ඇතුළුවීමක් බවට පත්වෙනවා."
popular news
-
Ranjith Monday, 22 June 2020 10:03 PM
සිරිකොතට ඇතුලු වෙන්න ඉඩ දෙනවාද ? නැද්ද ?තිරණය ජන්දයේදි පාක්ෂිකයින් විසින් දෙනු ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
